Euro Truck Simulator 2 Multi Display Config

  • eSports Gaming forum system has been upgraded to the newest version. Hope you enjoy.

Danushka

Administrator
Staff member
Administrator
Server Hoster
Server Owner
Jun 25, 2017
38
16
28
Battaramulla
www.fb.com
#1
මේ වැඩේදි කරන්න යන්නේ ETC 2 Game එකේ Graphics Display 2කට හෝ කිහිපයකට ගන්න එක. ඒ කියන්නේ එකම display එකේ duplicate එකක් විදියට නෙවෙයි. සම්පූර්ණ truck එකේ view එක displays කිහිපයකට බෙදලා දෙන එක තමයි මේකෙදි වෙන්නේ. ඔයාගෙත් අමතර Monitor එකක් තියෙනවා නම් Game එකේ අමතර fun එකක් ගන්න මේ ලිපිය වැදගත් වෙයි. පියවරෙන් පියවර මේක කරන විදිය කියලා දෙන්නම්.. මුලින්ම බලන්න අනතිමටම Game එක මේ විදියට තමයි Screen 2කට බෙදෙන්නේ.



1 වෙනි පියවර

මේ වැඩේට අපිට අමතර DLL File එකක් ඕන වෙනවා. මම ඒ file එක මේ Post එකට attach කරන්නම්. ඒක Download කරගන්න මුලින්ම.
ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගෙ ETS Install කරලා තියෙන Folder එකට ගිහින් මේ Download කරගත්ත File එක ඇතුලේ තියෙන 'd3d9.dll' කියන file එක එතනට extract කරගන්න එක. ( x86 setup එක තියෙන තැනට දාන්න. x64 version එකට මේ DLL file එක ගැලපෙන්නේ නෑ.)
උදා: C:\Program Files\Games\Euro Truck Simulator 2\bin\win_x86

2 වෙනි පියවර

දැන් කරන්න තියෙන්නේ setup එකේ shortcut එකක් Desktop එකේ හදා ගන්න එක. මේ shortcut එකත් උඩදි කිවුවා වගේ x86 එක වෙන්න ඕන. දැනටමත් ඔයාගෙ Desktop එකේ shortcut එකක් තියෙනවා නම් ආපහු හදන්න ඕනේ නෑ. ඒක පාවිච්චි කරන්න පුළුවන්.
දැන් මේ අලුතින් හදාගෙන තියෙන shortcut එක උඩ right click කරලා option window එක ගන්න. ඒකෙ තියෙනවා target කියලා edit කරන්න පුළුවන් තැනක්. ඒතන අන්තිමට මේ ටික add කරන්න.

-force-d3d9

තේරුනේ නැත්නම් මේ screen shot එක බලන්න.




දැන් මේ shortcut එක හරහා එක පාරක් Game එක On කරලා ආපහු අයින් වෙන්න.

3 වෙනි පියවර

මේ විදියට කලාට පස්සේ Install folder එකේ අලුතින් ""config.SoftTHconfig" කියලා file එකක් හැදෙනවා. මේ file එක Notepad එකෙන් හරි wordpad එකෙන් හරි open කරගන්න. දැන් ඔයාලට පෙනෙයි Settings ගොඩක් තියෙන file එකක් කියලා. අපිට ඕන විදියට මේ settings ටික හදා ගන්නේ කොහොමද බලමු.

මේ වැඩේ කරගන්න අපට පොඩි calculations ටිකක් කරන්න සිද්ධ වෙනවා. මොකද එක එක්කෙනාගේ screen resolution වෙනස් වෙන නිසා.

උදාහරණයක් විදියට මම ගන්නම් මම ළඟ තියෙනවා 1920X1080 Monitor දෙකක්. දැන් මේකට ගැලපෙන්න හදාගන්න නම් මේ විදියට කරන්න ඕන

අපි කරන්නේ මේ screen දෙකේම resolution එකට එකතු කරලා තනි resolution එකක් නිර්මාණය කරගන්න එක. අපේ තනි resolution එක තමයි උදාහරණයේ විදියට,

total Resolution= 1920+120+1920

මේ 120 add වෙන්නේ screen 2 අතර තියෙන frame 2ට යන ඉඩට. මේක adjust කරගන්න ඕන ඔයාගෙ monitor එකට ගැලපෙන විදිය.

4 වෙනි පියවර

අපි අර කලින් open කරපු Config file එක දැන් ගන්න. ඒකෙ තියෙන renderResolution කියන තැනට අපි calculate කරගත්ත ගාන දාන්න. මගෙ උදාහරණය විදියට මම දාන්නේ 3960x1080.
ඒ වගේම sourceRect කියන තැනට දාන්න ඕන මුල්ම අංකය 1920+120 එකතුව. ඒ කියන්නේ 2වෙනි screen එක පටන් ගන්න ඕන තැන point කරන්න ඕන. ඊට පස්සේ 0,1920,1080

මේ වැඩේ පැහැදිලි වෙන්න මම මගේ Config File එක දාන්නම්..

Code:
[main]
renderResolution=3960x1080
nonlocalFormat=RGB16D
keepComposition=0
smoothing=1
debugD3D=0
zClear=1
vsync=0
tripleBuffer=0
screenshotFormat=jpg
dllPathD3D9=auto
dllPathDXGI=auto
dllPathD3D11=auto

[overrides]
forceResolution=0
antialiasing=0
processAffinity=0
FOVForceHorizontal=0
FOVForceVertical=0

[debug]
compatibleIB=0
compatibleTex=0
compatibleVB=0
enableVBQuirk=0

[head_primary]
sourceRect=0,0,1920,1080
screenMode=1920x1080

[head_1]
devID=1
sourceRect=2040,0,1920,1080
transportResolution=1920x1080
transportMethod=auto
noSync=0
fpsLimit=0
අවුලක් නම් මේකම copy කරගෙන ඔයාලට ගැලපෙන values වලට අනුව වෙනස් කරගන්න.

5 වෙනි පියවර

දැන් ඔයාලගේ Documents වල save වෙන Game Files තියෙන ETS folder එක ඇතුලට යන්න. සාමාන්‍යයෙන් මේ folder එකේ path එක වෙන්නේ

C:\Users\<username>\Documents\Euro Truck Simulator 2

ඒක ඇතුලේ තියනවා "config.cfg" කියලා file එකක්. ඒකත් කලින් විදියටම open කරගන්න.

ඒකෙ uset r_multimon_mode කියන එකේ value එක 4 ට change කරන්න. මේ විදියට



6 වෙනි පියවර

මේ Config.cfg File එක තියෙන Folder එක ඇතුලෙම තවත් file එකක් තියෙනවා "multimon_config.sii" නමින්. එහෙම එකක් නැත්නම් දැන් පහලින් තියෙන ටික දාලා අලුතින් එකක් හදා ගන්න. ඒ File එකේ content එක වෙන්න ඕන මේ වගේ.

Code:
SiiNunit
{
multimon_config : _nameless.04A6.56A8 {
 normalized_ui_x: 0.000000
 normalized_ui_width: 1.000000
 monitors: 2
 monitors[0]: _nameless.0714.5590
 monitors[1]: _nameless.0714.5618
}

monitor_config : _nameless.0714.5590 {
 name: center
 normalized_x: 0.000000
 normalized_y: 0.000000
 normalized_width: 0.500000
 normalized_height: 1.000000
 horizontal_fov_relative_offset: 0.000000
 vertical_fov_relative_offset: 0.000000
 heading_offset: 0.000000
 pitch_offset: 0.000000
 roll_offset: 0.000000
 camera_space_offset: (0.000000, 0.000000, 0.000000)
 horizontal_fov_override: 90.000000
 vertical_fov_override: 0.000000
 frustum_subrect_x: 0.000000
 frustum_subrect_y: 0.000000
 frustum_subrect_width: 1.000000
 frustum_subrect_height: 1.000000
 render_interior: true
 render_exterior: true
}

monitor_config : _nameless.0714.5618 {
 name: right
 normalized_x: 0.500000
 normalized_y: 0.000000
 normalized_width: 0.500000
 normalized_height: 1.000000
 horizontal_fov_relative_offset: 0.000000
 vertical_fov_relative_offset: 0.000000
 heading_offset: -90.000000
 pitch_offset: 0.000000
 roll_offset: 0.000000
 camera_space_offset: (0.000000, 0.000000, 0.000000)
 horizontal_fov_override: 90.000000
 vertical_fov_override: 0.000000
 frustum_subrect_x: 0.000000
 frustum_subrect_y: 0.000000
 frustum_subrect_width: 1.000000
 frustum_subrect_height: 1.000000
 render_interior: true
 render_exterior: true
}

}
දැන් මේ ටික Save කරගන්න. හරි මේකෙන් Game එකේ config settings ටික ඔක්කොම ඉවරයි.

අන්තිම පියවර

Game එක අර කලින් හදා ගත්ත shortcut එක Double click කරලා open කරගෙන options වල Adjust Video settings කියන එකේ Resolution කියන තැනින් ඔයා අලුතින් calculate කරලා දැම්ම ගාන select කරගන්න. ඊට පස්සේ ඒක apply කරන්න. දැන් Drive Click කරලා truck එක ගන්න. එතකොට අනිත් screen එකෙන් truck එකේ අනිත් view එකත් පෙනේවි.

Try කරලා බලලා ප්‍රශ්ණයක් තිබුණොත් reply එකක් දාන්න :cool::cool:
 

Attachments